යුග කීපයක සිතුවම් ඇති හිදගල රජ මහා විහාරය
එදා සිදුගල නමින් ප්‍රකට ග්‍රාමය අද හිදගල වේ. මේ ප්‍රදේශය වළගම්බා රාජ්‍ය තෙක් දිවයයි. එය ක්‍රිස්තු පූර්ෂ 6 – 7 සියවස් ගණයට අයත්වේ.හිදගල රාජ මහා විහාරය |
පැරැණි බිතු සිතුවම් |
සෙංකඩගල පුර සැදුම් ලත් ඉපැරණි විහාරස්ථාන අතර හිදගල ලෙන් විහාරයට සුවිශේෂ ස්ථානයක් හිමිවේ. පේරාදෙණිය මහනුවර මාර්ගයේ ගලහහන්දියෙන් දෙල්තොට මාර්ගයේ මද දුරක් ගිය විට උස් කඳු බෑවුමට යාබදව හිදගල ගල්ලෙන් රාජ මහා විහාරස්ථානය ඉදිවී තිබේ. එම භූමිය පෞරාණික නටබුන් රාශියකින් යුක්තය. මේ විහාරස්ථානය පිහිටි භූමිය ඉතා දර්ශනීය වේ.
මේ ආරම්භය වළගම්බා රජු දවස ලෙස පිළිගැනීමට හැකි පුරාවිද්‍යාත්මක සාධක රැසක්ම හමුවේ. විහාර අභ්‍යන්තරයේ බිතු සිතුවම් මෙන්ම සෙසු බුද්ධ ප්‍රතිමාවන් දුටු බොදු බැතිමතුන්ගේ නෙත් සිත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔප් නැංවේ.
විහාර මන්දිරයට පිවිසෙන ප්‍රධාන දොරටුව |
පෞරාණික බෝධිය |
බුදුරජාණන් වහන්සේගේ සහම්පති බ්‍රහ්මයාට දහම් දෙසන අවස්ථාවේ වජ්‍රාසනාගතව වැඩ සිටින ආකාරය දර්ශනීය අයුරින් චිත්‍රයට නගා තිබේ. ඒ වාගේම පරිවාර දෙවිවරු බුදු රුව දෙස නෙත් හැර සමවත් සුවෙන් වැඩ සිටින ආකාරයක් සිතුවමට නඟා තිබේ.
එහි නිර්මාණගත චිත්‍ර බුද්ධ චරිතයේ සුවිශේෂ අවස්ථාවන් පෙළ ගැසී තිබේ.
මෙම චිත්‍ර යුග හතරක නෑකම් කියන බව ඉතිහාස පුරා විද්‍යාඥයෝ පවසති.
මෙහි ප්‍රදර්ශනය වන බිතුසිතුවම් විශාල ප්‍රමාණයක් දැනටමත් විනාශ වී ගොස්ය. තවද මහනුවර යුගයට අයත් බිතු සිතුවම් විශාල සංඛ්‍යාවක් බරෙඳ් ප්‍රදර්ශනය වේ.
මෙහි බෝධි ගර්භය සතර වැනි ශත වර්ෂය තෙක් දිවයයි. එහි බෝධි ගුප්ත කුමාරයා ලේඛනගත කළ ශිලා ලේඛනයන්ද ප්‍රදර්ශනය වේ. මහානුභාව සම්පන්න බෝධි වෘක්ෂයද බොදු බැතිමතුන් අතර ප්‍රසාදයට ලක්වේ.
මෙහි සඟ පරපුර අනුරාධපුර යුගය තෙක් දිව ගියත් පසුකාලීනව එය සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ විහාරයක් බවට පත්විය.
මෙම උත්තරීතර පූණ්‍යභූමිය සංරක්ෂණය කැර අනාගත පරපුරට දායාද කිරීම සියලු දෙනාටම පැවැරී ඇති වගකීමක් වේ.
No comments:
Post a Comment